AFC Banner
Empty Ad
Empty Ad

බෝර 12ක් ක්‍රියාත්මක වී පුද්ගලයෙක් රෝහලේ – සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇත්දැයි සැකයක්

පොළොන්නරුව, සේවාගම ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් ඊයේ (31) උදෑසන පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි වැදී ඇත්තේ වයස අවුරුදු 46ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා වඳුරන් පැන්නීම සඳහා බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය පැටලී වැටී ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැඩි ඇති බවයි මොහුගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ.

වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවට ද අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් මෙම පුද්ගලයා වෙඩි තබාගෙන සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇත්දැයි යන්න ඇති සැකයමත ද පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳව පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?