බියගම පොලිස් වසමේ ගැමුණු මාවත ප්‍රදේශයේ දී කුලී පදනම මත නේවාසික කාමරයක සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ (09) රාත්‍රී කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර, පහරකෑමෙන් බරපතල තුවාල ලබා ඇති එම පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 30ක හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා කුලී පදනම මත බියගම පොලිස් වසමේ පදිංචිව සිට ඇති අතර, ඔහුට අයත් ත්‍රීරෝද රථය නවාතැන් ගෙන සිටි කාමරය ඉදිරිපිට ගිනි ගැනීමට ලක්ව ඇති බව දැක කාමරයෙන් ඉවතට පැමිණීමේ දී මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.
මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරවා.
මෘත ශරීරය මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.














