බෝඩිං කාමරයක සිටි තරුණයෙක්ව තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරලා

බියගම පොලිස් වසමේ ගැමුණු මාවත ප්‍රදේශයේ දී කුලී පදනම මත නේවාසික කාමරයක සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (09) රාත්‍රී කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර, පහරකෑමෙන් බරපතල තුවාල ලබා ඇති එම පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 30ක හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා කුලී පදනම මත බියගම පොලිස් වසමේ පදිංචිව සිට ඇති අතර, ඔහුට අයත් ත්‍රීරෝද රථය නවාතැන් ගෙන සිටි කාමරය ඉදිරිපිට ගිනි ගැනීමට ලක්ව ඇති බව දැක කාමරයෙන් ඉවතට පැමිණීමේ දී මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරවා.

මෘත ශරීරය මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14