ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල 05 කණුව අතුරු මාර්ගයේ වත්තේගම ප්‍රදේශයේ දී වත්තේගම දෙස සිටි 05 කණුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ආරක්ෂක වැටෙහි ගැටී අනතුරක් සිදු වුණා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ඇතිමලේ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.
මරණකරු වයස අවුරුදු 18ක් වූ කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය ඇතිමලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ඇතිමලේ පොලිසිය පරීක්ෂණ සිදු කරනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
+1
+1
2
+1
+1