නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු, සබරගමුව පළාත්වලත් පොලොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් අද (10) පස්වරු 01.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සඳහන්වනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද පස්වරු 01.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති වන බවට් කාලගුණ විනිවේදනයෙන් පැවසෙනවා.
එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමේ හැකියාවක්ද පවතිඅන බවයි පැවසෙන්නේ,
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.















