Empty Ad
AFC Banner
Empty Ad

බොල්ගොඩ ගඟේ කාන්තා මළ සිරුරක් – ගෙන්න ගිය පොලිස් නිලධරියා සමඟ ඔරුව පෙරළෙයි

මොරටුව – දිගරෝල්ල පාලම ආසන්නයේ බොල්ගොඩ ගඟේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් අද (18) සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම්දීමකට අනුවයි පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මේ අතර ගඟේ තිබූ මළ සිරුර ගොඩබිමට රැගෙන ඒමට ඔරුවකින් ගිය පොලිස් නිලධාරික් තවත් පුද්ගලයෙකු සමඟ ඔරුව පෙරළී අනතුරට ලක් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට අනතුරක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර, මහේස්ත්‍රාත්වරයා කැඳවා ස්ථානය පරීක්ෂණයක් සිදුකිරීමට ද නියමිත බවයි පානදුර උතුර පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?