බොරු කියලා උපාධිධාරීන් රැවටුවේ ඇයි ? – සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

වත්මන් රජය අයවැය දෙකකදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පොරොන්දුව කඩකර මානසික කෘරත්වයකට ලක් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමාජ මාධ්‍ය වෙත විඩියෝවක් පළ කරමින් සජිත් ප්‍රේමදාස මේ බව සඳහන්කර සිටියා.

ජනාධිපතිවරණයට පෙර අප රටේ රැකියා විරහිත උපාධිධාරින් 35000ට බලය ලැබුණු පසු රැකියා ලබා දෙන බවට වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත්, එය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 පිටුවේ සඳහන් කළ බවත්, ඒ අනුව උපාධිධාරීන් 20000කට ගුරු වෘත්තිය, විද්‍යා ගණිත තාක්ෂණ ඉංජිනේරු උපාධිධාරීන් 3000කට ඒ ක්ෂේත්‍රයේ සහ එම ක්ෂේත්‍රයට අයත් නොවන 9000කට තොරතුරු තාක්ෂණ මෙන්ම රේගු විදේශ සේවා ආදී අංශවල රැකියා 3000ක් ලබා දෙන බවට වූ පොරොන්දුව වත්මන් ජනාධිපතිවරයා සහ රජය, අයවැය දෙකකදී කඩකර අමතක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම ප්‍රකාශයක් සඳහන් කරනු ලැබුවා.

මේ ආකාරයට බොරු කියා උපාධිධාරීන් රැවටුවේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් රැකියා විරහිත උපාධිධාරීන් ඇන්දවූයේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත්, ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයේ දී පවා රැකියා දෙන බවත් ඇමතිකම් ලැබුණු පසු රැකියා දෙන බවට පවසන හඬපට, වීඩියෝ දර්ශන ආදි සියලු සාක්ෂි ඇති බවත් වත්මන් රජය උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය උපයෝගී කර ගෙන දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන හදා එම සංවිධානවලට ප්‍රධානීන්ට පත්වීම් දී සෙසු උපාධිධාරීන් අතරමං කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?