බොරු කියලා උපාධිධාරීන් රැවටුවේ ඇයි ? – සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

වත්මන් රජය අයවැය දෙකකදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පොරොන්දුව කඩකර මානසික කෘරත්වයකට ලක් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමාජ මාධ්‍ය වෙත විඩියෝවක් පළ කරමින් සජිත් ප්‍රේමදාස මේ බව සඳහන්කර සිටියා.

ජනාධිපතිවරණයට පෙර අප රටේ රැකියා විරහිත උපාධිධාරින් 35000ට බලය ලැබුණු පසු රැකියා ලබා දෙන බවට වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත්, එය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 පිටුවේ සඳහන් කළ බවත්, ඒ අනුව උපාධිධාරීන් 20000කට ගුරු වෘත්තිය, විද්‍යා ගණිත තාක්ෂණ ඉංජිනේරු උපාධිධාරීන් 3000කට ඒ ක්ෂේත්‍රයේ සහ එම ක්ෂේත්‍රයට අයත් නොවන 9000කට තොරතුරු තාක්ෂණ මෙන්ම රේගු විදේශ සේවා ආදී අංශවල රැකියා 3000ක් ලබා දෙන බවට වූ පොරොන්දුව වත්මන් ජනාධිපතිවරයා සහ රජය, අයවැය දෙකකදී කඩකර අමතක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම ප්‍රකාශයක් සඳහන් කරනු ලැබුවා.

මේ ආකාරයට බොරු කියා උපාධිධාරීන් රැවටුවේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් රැකියා විරහිත උපාධිධාරීන් ඇන්දවූයේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත්, ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයේ දී පවා රැකියා දෙන බවත් ඇමතිකම් ලැබුණු පසු රැකියා දෙන බවට පවසන හඬපට, වීඩියෝ දර්ශන ආදි සියලු සාක්ෂි ඇති බවත් වත්මන් රජය උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය උපයෝගී කර ගෙන දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන හදා එම සංවිධානවලට ප්‍රධානීන්ට පත්වීම් දී සෙසු උපාධිධාරීන් අතරමං කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54