බොක්සිං දින ටෙස්ට් තරගය නරඹන්න ඉතිහාස ගතවන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක්

නත්තල් දිනට පසු දින ආරම්භ වන සාම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරගය අද (26) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංණයේ දී ආරම්භ වුණා.

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළු බඳුන තරගාවලියේ සිව්වන තරගය, බොක්සිං දින ටෙස්ට් තරගය ලෙස අද (26) ආරම්භ වුණා.

මෙම තරගය පැවැත්වෙන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉතිහාසයේ වාර්තාගත ප්‍රේක්ෂකයින් පිරිසක් තරගය නැරඹීමට පැමිණ තිබෙනවා.

ඒ, අනුව ප්‍රේක්ෂකයින් 93,442 දෙනෙක් අද (26) දිනයේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ ඇති අතර, එය සැලකෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉතිහාසයේ රැස්වූ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර එනම් 2015 ලෝක කුසලානයේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 93, 013 දෙනෙකු මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස්ව සිටියා.

බොක්සිං දින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සත්කාරක ඕස්ට්‍රේලියාව ලකුණු 152 කට සීමා කරන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?