බේරුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන භික්ෂුවක් තරුණයෙකුට පහරදීලා

බේරුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන හිමිනමක් තරුණයකුට පහර දී තිබෙනවා.

ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, එම පහරකෑමට ලක් වූ තරුණයා තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අලුත්ගම පොලිස් වසමට අයත් මොරගල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක බේරුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් ප්‍රධාන තනතුරක් දරන නායක ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානයේ දායක සභාවේ සිටින තරුණයකුට මෙලෙස පහර දී තිබෙනවා.

එම විහාරස්ථානයේ මේ දිනවල සිදුවන සංවර්ධන කටයුත්තක් අතරතුර එම තරුණයා විහාරස්ථානයට ගොස් උදව් උපකාර සිදු කරන අතර එම විහාරස්ථානයේ වැඩවසන තවත් ස්වාමීන් වහන්සේ නමකගේ ඥාති පුද්ගලයකු එම තරුණයාට ඉනිමගක් රැගෙන එන ලෙස දන්වා ඇති බවයි පැවසෙන්නේ.

එම තරුණයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟම එම පුද්ගලයා හා ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

ඉන්පසු එම තරුණයා හෙට්ටිමුල්ල – මල්ලබොක්ක ප්‍රදේශයේ පිහිටි සිය නිවසට විත් රාත්‍රී දහයට පමණ අදාළ විහාරස්ථානයේ පොසොන් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන තොරණ සහ ධාතු ප්‍රදර්ශනය නැරඹීමට නැවත විහාරස්ථානයට ගිය අවස්ථාවේ විහාරස්ථානය ඉදිරිපිට නායක ස්වාමීන් වහන්සේ සමඟ වචන හුවමාරුවක් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම නායක ස්වාමීන් වහන්සේ එම තරුණයා විහාරස්ථානය තුළ තිබෙන කාමරයකට රැගෙන ගොස් පුටුවකින් හා අතින් පයින් තරුණයාට අමානුෂික ලෙස පහර දුන් බවට ඔහුගේ පියා ප්‍රකාශ කර සිටි බව ද දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

මෙම තරුණයා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්‍ෂණ රෝහලට මාරු කර යැවුණා.

මෙම පහරදීම සම්බන්ධයෙන් එම තරුණයාගේ පියා අලුත්ගම පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි අලුත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21