බෙල් 212 ගුවන් අනතුරින් තුවාල ලැබූ සය දෙනාගෙන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයට (වීඩියෝ)

අද (09) පෙරවරුවේ මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටර් යානාවේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු හමුදා භටයින් 12 දෙනාගෙන් සයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් සය දෙනෙකු බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරුගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, තුවාල ලැබූ සය දෙනාගෙන් දෙදෙනකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

සෙසු සිව්දෙනාගේ තත්ත්වය යහපත් අතට පරිවර්තනය වෙමින් තිබෙන බවත් වාර්තා වුණා.

අද පෙරවරු 08.16ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් විසිර යාමේ උත්සවයකට එක්වීමට පියාසර කරමින් සිටි ගුවන් යානාවක් මෙලෙස හදිසි අනතුරකට ලක් වුණා.

එහිදී හෙලිකොප්ටරය ජලාශයට කඩා වැටීමත් සමග එය ගිලී ගොස් ඇති අතර, එම යානාව ගොඩගැනීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇති ව පූර්ණ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අරලගංවිල පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර ගුවන් යානාව කඩා වැටීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ එම යානාව තුළ ගුවන් නියමුවන් දෙදෙනකු, ගුවන් තුවක්කුකරුවන් දෙදෙනකු,රෙජිමේන්තු හමුදා බලකා නිලධාරීන් (RSF) නිලධාරීන් දෙදෙනකු සහ යුද හමුදා විශේෂ (Army SF) බලකායේ සාමාජිකයින් සයදෙනෙකු සිටි බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?