බෙලරුසයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ නිවේදනයක්

බෙලරුසයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා මෙරටට පැමිණීමට පහසුකම් සැලසීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ එම සිසුන්ට මොස්කව් හරහා ගමන් කිරීමට හදිසි පදනමක් මත සංක්‍රමණ වීසා නිකුත් කිරීමට කටයුතු සලසා ඇති බවය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ විශ්ව විද්‍යාලවල පරිපාලනය සහ දෙමාපිය කණ්ඩායම් සමග පැවති සාකච්ඡාවල එකඟතාවන් මත මෙම කටයුතු සිදුකෙරෙන බව සඳහන් වේ.

තාවකාලිකව මෙරටට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා ගමන් කරන මෙන් විදේශ අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි. 

මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් 1,561 දෙනෙකු පමණ බෙලරුසයේ අධ්‍යාපනය ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?