Empty Ad
AFC Banner
Empty Ad

බෙන්තොට යාත්‍රා මුල්ලේ පැවැත්වූ මත්පැන් සාදයක් පොලිසියෙන් වටලයි

බෙන්තොට යාත්‍රා මුල්ල ප්‍රදේශයේ නිවසක විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (16) රාත්‍රියේ සිට පැවැත්වූ මත්පැන් සාදයක් අද (17) පුර පසළොස්වක පොහෝ දින දහවල් තෙක් පවත්වමින් තිබියදී බෙන්තොට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේ දී සිද්ධියට සම්බන්ධ 12 දෙනෙකු හා එක් සැකකාරියක් ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ; අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සිව්දෙනෙකු සන්තකයේ තිබී ‘මෙන්ඩි’ නමැති මත්ද්‍රව්‍යය ද, අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් ද, ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු ද, උත්තේජන මත්පෙති හෙවත් (ඩාන්සින් ටැබ්ලට්) සැකකාරිය සන්තකයේ ද තිබී සොයාගත් බවයි.

අද දහවල් අත්අඩංගුවට ගන්නා විටත් මොවුන් තද මත් ගතියෙන් පසු වූ බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 සිට 45 අතර පසුවන්නන් බවත් ඔවුන් බෙන්තොට, අලුත්ගම, දර්ගා නගරය සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?