AFC Banner
AFC Banner
Empty Ad

බීමතින් පාසලකට ගිහින් සිසුවියන් අපයෝජනයට තැත් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමතින් සිවිල් ඇඳුමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් එම පාසලේ සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනයට ලක් කිරීමට තැත්කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර පොලිස් නිලධාරියා ඊයේ (17) දිනයේ දී අත්අඩංගුවට ගත් බවයි මල්ලාවි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු නිලධාරියා මල්ලාවි පොලිසියට අනුයුක්තව රාජකාරී කළ අයෙක් බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් නිලධාරියා අද (18) මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නිමිතව තිබෙනවා.

පාසල් ක්‍රීඩා තරග සඳහා පාසල් වේලාවෙන් පසුව රැඳී සිටි පාසල් සිසුවියන්ව මෙලෙස අපයෝජනයට ලක්කිරීමට තැත් කර ඇති අතර, එහි සිටි පිරිසක් පොලිස් නිලධාරියාට පහරදෙන අයුරු ජංගම දුරකථනයක සටහන් වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?