බිල නොගෙවා කොළඹ තරු පංතියේ හෝටලයෙන් පැනගිය හිමිනම CID දැලේ

තරු පංතියේ හෝටලයක සති තුනකට ආසන්න කාලයක් නවාතැන් ගෙන සිට එහි බිල නොගෙවා පලාගිය හිමි නමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ හිමිනම කොළඹ – කොටුව ප්‍රදේශයේ තරු පංතියේ හෝටලයක රැඳී සිටිමින් එහි බිල ලෙස රුපියල් ලක්ෂ පහකට වැඩි මුදලක් නොගෙවා පලාගොස් මහියංගන ප්‍රදේශයේ විහාරස්ථානයක රැදී සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අගෝස්තු මසයේ 31වනදා අදාළ හිමිනම හෝටලයට පැමිණ සති තුනකට අසන්න කාලයක් එහි නවාතැන්ගෙන සිට තිබෙනවා.

අනතුරුව එම හිමිනම කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ඇත්තේ හදිසියේ ඇති වූ අසනීපයක් හේතුවෙන්.

කෙසේ වෙතත් එහි දී හිමිනම විසින් හෝටලයේ කළමනාකාරිත්වයට දැනුම් දී ඇත්තේ තමන් අදාළ මුදල ගෙවන බවටයි.

හිමිනම රෝහලෙන් ප්‍රතිකාර ලබා අවසන්ව අදාළ හෝටල් ගාස්තුව නොගෙවා විහාරස්ථානය වෙත පැමිණ ඇති බව දැනගත් හෝටලයේ කළමනාකාරිත්වයට ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අදාළ පැමිණිල්ලට අනුවයි එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30