බිරිඳ තමා හැර යාමෙන් පසු දරුවෙන් දෙදෙනා ඝාතනය කර, ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් පුද්ගලයෙක් පිළිබඳව පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
සුනිල් භකරේ නැමැති 56 හැවිරිදි පුද්ගලයා අවුරුදු 18 සහ 10 යන වයස්වල පසුවන ආබාධිත දරුවන් දෙදෙනා ලණුවකින් ගෙල සිර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මුම්බායි හි සමරවර්නි ප්‍රදේශයේ ඔහු කුලියට ගත් නිවස තුළ දී පසුගිය සිකුරාදා දිනයේ මෙම අපරාධය සිදුකර ඇති අතර, පසුව ඔහු ද ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
සුනිල්ගේ බිරිඳ මීට සති දෙකකට පමණ පෙර දරුවන් දෙදෙනා ද අතහැර නිවසින් ගොස් ඇති බවයි වාර්තා වුණේ.
ඔහුට තම ආබාධිත දරුවන් දෙදෙනා රැකබලා ගැනීමට සිදු වූ නිසා මෙම දැඩි පියවර ගැනීමට ඔහු පෙළඹී ඇති බවට සැකයක් පවතින බවයි විමර්ශන සිදුකරන පොලිසිය පවසන්නේ.




