බිරිඳ අනියම් පෙම්වතා සමඟ එක්ව සැමියාට වස දී ඝාතනය කරලා

කාන්තාවක් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පෙම්වතා සමඟ එක්ව සැමියා ඝාතනය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මොවුන් දෙදෙනා එක්ව අවස්ථා දෙකක දී සැමියාට වස දී ඇති අතර, එම දෙවන අවස්ථාවේ දී ඔහු මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ෆිරෝසාබාද් නගර පොලිස් අධිකාරී රවි ශංකර් පවසන්නේ කාන්තාව, අනියම් පෙම්වතා සමඟ එක්ව සුනිල් නැමැති තම සැමියාට පසුගිය මැයි මස 13 වනදා වස ලබා දී ඇති බවයි.

එහිදී ඔහුව රෝහල් ගතකර ඇති අතර, ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව යළි නිවසට පැමිණ තිබෙනවා.

එම උත්සාහය සාර්ථක වීමෙන් පසු මොවුන් දෙදෙනා එක්ව සැමියාට යළි වස දී ඝාතනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය වස ඇනවුම්කර එම වස පාර්සලයට නිවසට ගෙන්වාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව එම වස ආහාරවලට මිශ්‍රකර කාන්තාව විසින් සැමියාට ලබාදී ඇති අතර, එලෙස වස මිශ්‍ර ආහාර ගත් එම පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (24) ටුන්ඩ්ලා පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර බිරිද සහ ඇයගේ අනියම් පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සිදුකළ විමර්ශනවල දී වස අඩංගු කිරි බඳුනක් සහ වස බෝතලයක් ද නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.

දෙදෙනා අතර පැවති අනියම් සම්බන්ධය සැමියා දැනගැනීමත් සමඟ ඔහුව ඝාතනය කිරීමට මෙලෙස කටයුතු කර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?