බිරිඳ අනියම් පෙම්වතා සමඟ එක්ව සැමියාට වස දී ඝාතනය කරලා

කාන්තාවක් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පෙම්වතා සමඟ එක්ව සැමියා ඝාතනය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මොවුන් දෙදෙනා එක්ව අවස්ථා දෙකක දී සැමියාට වස දී ඇති අතර, එම දෙවන අවස්ථාවේ දී ඔහු මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ෆිරෝසාබාද් නගර පොලිස් අධිකාරී රවි ශංකර් පවසන්නේ කාන්තාව, අනියම් පෙම්වතා සමඟ එක්ව සුනිල් නැමැති තම සැමියාට පසුගිය මැයි මස 13 වනදා වස ලබා දී ඇති බවයි.

එහිදී ඔහුව රෝහල් ගතකර ඇති අතර, ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව යළි නිවසට පැමිණ තිබෙනවා.

එම උත්සාහය සාර්ථක වීමෙන් පසු මොවුන් දෙදෙනා එක්ව සැමියාට යළි වස දී ඝාතනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය වස ඇනවුම්කර එම වස පාර්සලයට නිවසට ගෙන්වාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව එම වස ආහාරවලට මිශ්‍රකර කාන්තාව විසින් සැමියාට ලබාදී ඇති අතර, එලෙස වස මිශ්‍ර ආහාර ගත් එම පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (24) ටුන්ඩ්ලා පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර බිරිද සහ ඇයගේ අනියම් පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සිදුකළ විමර්ශනවල දී වස අඩංගු කිරි බඳුනක් සහ වස බෝතලයක් ද නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.

දෙදෙනා අතර පැවති අනියම් සම්බන්ධය සැමියා දැනගැනීමත් සමඟ ඔහුව ඝාතනය කිරීමට මෙලෙස කටයුතු කර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23