බිරිඳව කපා කොටා ඝාතනය කරලා – සැකකාර සැමියා රෝහලේ

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් බිරිඳ කපා කොටා ඝාතනය කළ සිද්ධියක් මාතලේ, රත්තොට, ඉසුරුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්වූ බිරිඳ මාතලේ රෝහලේ කනිෂ්ඨ සේවිකාවක් ලෙස කටයුතු කල තැනැත්තියක් වන අතර, අපරාධය සිදුකළ සැමියා ද එම රෝහලේම කනිෂ්ඨ සේවකයෙක්.

පොලිසිය සඳහන් කළේ අද (22) අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඝාතනය සිදුකිරීමෙන් පසු සැඟව සිටි සැකකාර සැමියා රත්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර සැමියාද තමන්ගේ ගෙළ පිහියකින් කපාගෙන තුවාල සිදුකරගෙන ඇති අතර, ඔහු පොලිස් ආරක්ෂාව යටතේ මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?