බිරිඳට මරණ තර්ජනය කර Tiktok වීඩියෝවක් පළ කළ අයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍යය ඉදිරියේ තම කුඩා දියණියට පරුෂ වචනයෙන් බැණ වැදී; හැරගිය බිරිඳ යළි ගෙන්වා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර පුද්ගලයාව අද (05) පස්වරුවේ අත් අඩංගුවට ගත් බවයි තඹුත්තේගම පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් සිය වයස අවුරුදු 06 පමණ වන දියණිය ව ළඟ තබා ගෙන අසභ්‍ය වචනවලින් බැණ වදින ආකාරයත්; පවුල් ආරවුලක් හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක සිට නිවසින් වෙන් ව ගොස් සිටින දරුවාගේ මවට ද මරණ තර්ජන එල්ල කරමින් මෙම පුද්ගලයා විසින් සිය ටික්ටොක් ගිණුමෙහි වීඩියෝ කිහිපයක් ම පළ කර තිබෙනවා.

ඔහු සඳහන් කරන පරිදි ඔහු එම වීඩියෝ පළ කර ඇත්තේ; සිය බිරිඳ කුමන අවස්ථාවක හෝ ඒවා නරඹයි යන අදහස පෙරදැරි කරගෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම සැකකරුව අද පස්වරුවේ තඹුත්තේගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර හෙතෙම 27 හැවිරිදි මල්වානේගම- ඇල්ලෑව ගමේ පදිංචි ජයකොඩි ආරච්චිලාගේ සමන් කරුණාරත්න නමැති අයෙක්.

සැකකරුගේ බිරිඳ මැයි මස 24 වැනි දින පවුල් ආරවුලක් හේතුවෙන් ලිපියක් ලියා තබා නිවසින් පිටව ගොස් තිබෙනවා.

තම බිරිඳ නොමැති හේතුවෙන් මෙම සැකකාර පුද්ගලයා තම දරුවා සමග වීඩියෝ කර බිරිඳට හා දරුවාට පරුෂ වචනයෙන් බැණ; මරණ තර්ජනය කරන වීඩියෝ අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීමයි කටයුතු කර ඇත්තේ.

මෙම කුඩා දැරිවියගේ මව තමන් ව සහ දරුවා ව අතහැර ගොස් ඇති බවට සැකකරු විසින් පොලිසියට මීට පෙර පැමිණිල්ලක් ද සිදු කර තිබෙන බවත් පොලිසිය පැවසුවා.

සිද්ධිය පිළිබඳ ව වැඩිදුර තොරතුරු තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යය අංශයේ නිලධාරීන් විසින් පවත්වනු ලබන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?