AFC Banner
AFC Banner
Empty Ad

බිය වූ රෝගීන් ඇඳන් මත නගියි – කොවිඩ් වාට්ටුවක මහා කලබලයක්

මොරවක, කොස්නිල්ගොඩ රජයේ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට කඩා වැදුණු සුනඛයෙකු හේතුවෙන් මහත් කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අදාළ සුනඛයා එහි ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත කාන්තාවන් තිදෙනෙකු සපා කා ඇති බව යි වාර්තා වන්නේ.

සුනඛයා කළහකාරී ලෙස හැසිරෙන අවස්ථාවේ දී ඇතැම් කොවිඩ් රෝගීන් ඇඳවල් මත නැග සිය ජීවිත බේරාගැනීම සඳහා මහත් හඬින් කෑ කෝ ගසා ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කළා.

මේ අවස්ථාවේ දී විදේශගතව සිට පැමිණි කාන්තාවන් 18 දෙනෙක් ඇතුළු 38 දෙනෙක් එහි ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර තවත් පිරිසක් නේවාසික ප්‍රතිකාර අවසන් කර සිය නිවෙස් වෙත යාම සදහා සූදානමින් සිට තිබෙන බව සඳහන්.

ඒ අනුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද රෝහල් භූමීයේ රැදී සිට ඇති බව පැවසෙනවා.

අවසානයේ රෝහල් සේවකයින් ඇතුළු පිරිස දැඩි වෙහෙසක් දරා සුනඛයා රෝහල් වාට්ටුවෙන් එළවා දමා තිබෙන අතර ඒ අසළ මාර්ගයේ සිටි පිරිස සුනඛයාට ජලභීතිකාව ඇති බවට සැක කරමින් එම සත්ත්වයාට පහර දී මරා දහමා තිබෙනවා.

සුනඛයා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු වූ අයුරු කිසිවෙකුට නිරීක්ෂණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?