බිය වූ රෝගීන් ඇඳන් මත නගියි – කොවිඩ් වාට්ටුවක මහා කලබලයක්

මොරවක, කොස්නිල්ගොඩ රජයේ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට කඩා වැදුණු සුනඛයෙකු හේතුවෙන් මහත් කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අදාළ සුනඛයා එහි ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත කාන්තාවන් තිදෙනෙකු සපා කා ඇති බව යි වාර්තා වන්නේ.

සුනඛයා කළහකාරී ලෙස හැසිරෙන අවස්ථාවේ දී ඇතැම් කොවිඩ් රෝගීන් ඇඳවල් මත නැග සිය ජීවිත බේරාගැනීම සඳහා මහත් හඬින් කෑ කෝ ගසා ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කළා.

මේ අවස්ථාවේ දී විදේශගතව සිට පැමිණි කාන්තාවන් 18 දෙනෙක් ඇතුළු 38 දෙනෙක් එහි ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර තවත් පිරිසක් නේවාසික ප්‍රතිකාර අවසන් කර සිය නිවෙස් වෙත යාම සදහා සූදානමින් සිට තිබෙන බව සඳහන්.

ඒ අනුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද රෝහල් භූමීයේ රැදී සිට ඇති බව පැවසෙනවා.

අවසානයේ රෝහල් සේවකයින් ඇතුළු පිරිස දැඩි වෙහෙසක් දරා සුනඛයා රෝහල් වාට්ටුවෙන් එළවා දමා තිබෙන අතර ඒ අසළ මාර්ගයේ සිටි පිරිස සුනඛයාට ජලභීතිකාව ඇති බවට සැක කරමින් එම සත්ත්වයාට පහර දී මරා දහමා තිබෙනවා.

සුනඛයා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු වූ අයුරු කිසිවෙකුට නිරීක්ෂණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40