Empty Ad
Empty Ad
 Empty Ad

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය නව බිත්තර පාලන මිල අධිකරණයට දැනුම්දෙයි

බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන බව අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොනුකළ පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම දැනුම් දීම සිදු කළා.

ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් ද රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක් වශයෙන් පාලන මිල නියම කර තිබෙන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවත් දන්වා සිටියා.

එහිදී පරිභෝග සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් අගෝස්තු මාසයේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ බිත්තර පාලන මිල පිළිබඳ ගැසට් නිවේදනය අධිකරණය විසින් අත්හිටුවීම නිසා බිත්තර නිෂ්පාදකයින් රුපියල් මිලියන විස්සකට වැඩි අයුතු ලාභයක් ලබා ගත් බව සඳහන් කර සිටියා.

ඒ අනුව මෙම පෙත්සම ඉල්ලා අස් කර ගන්නේ නම් ආදර්ශ නඩු ගාස්තුවකට යටත්ව එම ඉල්ලීමට ඉඩ දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළා.

අනතුරුව එම ඉල්ලීම පිළිබඳ විභාගය මාර්තු මස 30 වනදා සිදු කරන බවත් අධිකරණයට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LIVE🔴10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භය සජීවී විකාශය
46:36
Video thumbnail
Jetstar ශ්‍රී ලංකා ගුවන් ගැබ අක්‍රමණය කරයි - අඩුම මුදලකින් වැඩිම වින්දනයක්
01:09
Video thumbnail
දෙමළ පක්ෂත් ශ්‍රමදානයට අහුවෙලා - ආණ්ඩුවටත් යම් කාලයක් දෙන්න ඕනි
04:15
Video thumbnail
සැරයටියෙන් පාර්ලිමේන්තු ආපු මාලිමාවේ නවක මන්තී කළ දුක හිතෙන කතාව
02:14
Video thumbnail
රස්තියාදුකාර දේශපාලනය ඉවත් වෙයි - පාර්ලිමේන්තුව සංවර පාර්ලිමේන්තුවක් වෙයි
02:17
Video thumbnail
අපිට අත්දැකීම් තියෙනවා - නලීන් බණ්ඩාරගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
01:46
Video thumbnail
ජනාධිපති අනුර කුමාර තවමත් ඉන්නේ රනිල්ගේ වැල් පාලමේම තමයි
02:49
Video thumbnail
මේ බොරුවට ඉඩ තියන්න එපා - අවුරුදු 26ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය අපි
05:08
Video thumbnail
හම්බන්තොට නගර සභාවට ඉල්ලන්න තීන්දු කළොත් කියන්නම් - නාමල් කොරවෙයි
02:13
Video thumbnail
මේ රට ගොඩනැගීමේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන් අපි සාර්ථක කරනවා - ඒක ස්ථීරයි - ලාල් සහෝදරයා ඒ වචනෙම ඇති
02:23

?