බැංකු නිලධාරියෙකුගෙන් මුදල් වංචා කළ සිද්ධියක් ගැන අධිකරණයට දැනුම්දීමක්

භාෂා පරිවර්තන රැකියාවක් ලබාදෙන බවට හා එම රැකියාව තුළින් උපයන මුදල් තැන්පත් කිරීමට එක්සත් ජනපදයේ බැංකු ගිණුමක් ආරම්භ කළ යුතු බවට පවසා පෞද්ගලික බැංකුවක හිටපු නිලධාරියකුගෙන් රුපියල් 2,459,714ක් මුදලක් කිසියම් පුද්ගලයකු විසින් වංචා සහගතව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිගණක අපරාධ විමර්ශන අංශයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත අද (21) දැනුම්දුන්නා.

පිටකෝට්ට ප්‍රදේශයේ පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිලිකාර පුද්ගලයා මෙරට පෞද්ගලික බැංකුවක සේවයෙහි නිරතව සිට මේ වනවිට ඉන් ඉවත්ව ඇති බවයි.

භාෂා පරිවර්තන නිලධාරීන් බඳවා ගන්නා බවට වෙබ් අඩවියක පළ කර තිබූ දැන්වීමක් අනුව පැමිණිලිකාර පුද්ගලයා එම විද්‍යුත් ලිපිනය ඔස්සේ ඒ සඳහා ඉල්ලුම් කර ඇති බවත් ඒ අනුව ඔහුව ඒ සඳහා තෝරා ගත් බවට අදාළ වෙබ් අඩවිය පළ කළ පුද්ගලයා පැමිණිලිකරුට දැනුම් දී ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්නා.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් බව කියන පිටු 71 න් යුත් ලිපියක් සිංහල භාෂාවට පරිවර්තනය කර දෙන ලෙසට අදාළ වෙබ් අඩවිය මගින් පැමිණිලිකාර පුද්ගලයාට විද්‍යුත් ලිපිනයක් ඔස්සේ දැනුම් දී ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව තිබෙනවා.

පැමිණිලිකරුගේ වැටුපට අදාළ මුදල් තැන්පත් කිරීම සඳහා එක්සත් ජනපදයේ බැංකු ගිණුමක් ආරම්භ කළ යුතු බවට කිසියම් කාන්තාවක් පැමිණිලිකරුට දුරකථන ඔස්සේ ඇමතුමක් ලබා දී පවසා ඇති බව ද ඒ අනුව පැමිණිලිකාර පුද්ගලයා ඔවුන් ලබා දුන් ගිණුමකට අවස්ථා කීපයක දී රුපියල් 2,459,714 ක මුදලක් තැන්පත් කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

පැමිණිලිකාර පුද්ගලයා එසේ මුදල් තැන්පත් කළ ද ඔහුගේ කාර්යයට අදාළ වැටුප් හෝ ලිපි පරිවර්තනය කිරීමට අදාළ වැටුප් ලබා නොදී වංචාවක් කර ඇති බව ද පරිගණක අපරාධ සමාජ මාධ්‍ය විමර්ශන අංශය අධිකරණයට දැනුම්දී ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා පැමිණිකාර පුද්ගලයා මුදල් තැන්පත් කළ බැංකුවලින් වාර්තා ලබාගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට එම විමර්ශන අංශය කරන ලද ඉල්ලීමකට අධිකරණයේ අවසරය හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20