ඊශ්‍රායල අගමැති නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වෙයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන් යාහු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (21) මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ දී සහ ඉන් පසුව යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හිටපු ආරක්ෂක අමාත්‍ය Yoav Gallant සහ ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමටයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත්තේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “යුධ ක්‍රමයක් ලෙස කුසගින්න” සහ “මිනීමැරුම්, හිංසා කිරීම් සහ වෙනත් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ඇතුළු යුද අපරාධ සඳහා නෙතන්යාහු සාපරාධී වගකීම දරන බව විශ්වාස කිරීමට “සාධාරණ හේතු” ඇති බවයි.

කෙසේවෙතත් ඊශ්‍රායල අගමැති කාර්‍යාලය වාර්තා කළේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් තම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නිකුත් කරන ලද වරෙන්තු හෙතෙම සැලකුවේ; “යුදෙව් විරෝධී සහ විකාර ස්වරූපී දෙයක්” ලෙස බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14