ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30.00ක් වැනි මිලකට ලබා දෙන්නේ නම් කේක් නිෂ්පාදන වල බිල ගණන් අඩු කිරීමට සලකා බැලිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ කෙසේ වෙතත් අනෙකුත් නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි.
මේ අතර ආනයනික පළමු බිත්තර තොගය හෙට (27) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
මෙරට බිත්තර හිඟය සහ මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනයට රජය තීරණය කළා.
ඒ, අනුව බිත්තර මිලියන 02ක තොගයක් පළමුව මෙරටට ආනයනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




