ශ්‍රී ලංකා රේගුවෙන් ඉතිහාස ගතවන රේගු ආදායමක්

2025 වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේ රජය විසින් 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට රුපියල් බිලියන 2115ක ඉලක්ක ගත ආදායම ලබාදී තිබූ බවයි.

අදාළ අදායම් ඉලක්කට පසුගිය නොවැම්බර් මාසයවන විට ඉක්මවා යාමට ශ්‍රී ලංකා රේගුවට හැකි වූ බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා, අදාළ අදායම් ඉලක්කය රුපියල් බිලියන 2,231ක් ලෙස පසුව සංශෝධනය කළ බවයි පැවසුවේ.

කෙසේ වෙතත් පසුගිය 26 වනදා වනවිය රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායම උපාය ගැනීමට හැකි වූ බවයි ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

ඒ අනුව රජය විසින් ශ්‍රී ලංකා රේගුවට ලබාදී තිබූ සංශෝධිත ඉලක්කය ද ඉක්මවා යාමට මෙම වසරේ දී හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මෙම වසරේ අද (29) දිනය ද ඇතුළුව වැඩකරන දින තුනක් ඉතිරිව ඇති බව සඳහන් කළ ඔහු එම දින තුන සම්පූර්ණ වන විට රුපියල් බිලියන 2525කට ආසන්න සමස්ත ආදායමක් රේගුවට උපයා ගැනීමට හැකිවනු ඇති බවයි පුරෝකථනය කළේ.

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ රැස්කළ වැඩිම බදු අදායම් ප්‍රමාණයක් රැස්කළ වසර 2025 වසර බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02