බැද්දේකඩුව රෝහලේ සිදුවූ අද්භූත සිදුවීම

රෝහලේ බිත්ති තරම්, අදෝනා අසා ඇති තවත් තැනක් නොමැති තරම් ය. එසේම සොහොන් බිම් වල වගේම රෝහල තුළ ද සමහර අවස්ථා වල අදෘෂ්‍යමාන බලවේග පවතින බව ට සාක්ෂි ද ඇත.මේ කතාව ද රෝහල් කාර්යය සේවකයෙකු මුහුණ දුන් එවෙනි අවස්ථාවකි.
( නම්-ගම් මනඃකල්පිතයි.)

කපිල යනු, බැද්දේකඩුව මූලික රෝහලේ කාර්යය සේවකයෙකි. නිහතමානි, කාරුණික හදවතක් ඇති ඔහු නිතරම පාහේ රෝගීන් වෙනුවෙන් තම රාජකාරියට එහා ගිය බොහෝ දේ ඉටු කරයි. ඔහුගේ සේවාව නිසාම මැරෙන්න ට ගිය රෝගීන් පවා යළි ජීවිතය ලැබූ අවස්ථා ඇත. මනුලොවේ දෙවිවරු ලෙස සලකන ඇතැම් වෛද්‍යවරු රෝගීන් නොසලකා හරින විට එතරම් උගත්කමක් නැති කපිල වැන්නවුන් ඒ රෝගීන් වෙනුවෙන් පෙනී සිට නිසි ප්‍රතිකාර කරා යොමු කිරීම නිසා බොහෝ රෝගින් නැවත ජීවිතය ලැබූ හ.


එදින කපිල සිටියේ දිවා ආහාරය ගනිමිනි. වේගයෙන් පැමිණි ලොරි රථයකින් ගෙන ආවේ හදිසි ලෙඩෙකි. දවසේ පඩිය වෙනුවෙන් වත්තක පොල් ඇහිදිමින් සිටි ඔහුගේ හිස ට පොල් ගෙඩියක් වැටීම නිසා හිසට බරපතල තුවාල සිදු වී තිබුනා.

හදිසි අවස්ථාවේ වහා ක්‍රියත්මක වු කපිල බත්පත ද අහක දා දිවගියේ රෝගියා වෙත ය.හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ ඔහු වෙනුවෙන් පෙර මඟ බලා සිටියේ ඔහු වැනිම වත්තේ සේවය කරමින් සිටි අහිංසක සේවකයන් කිහිප දෙනෙක් පමණි.

පැය දෙකක් පමණ සැත්කමකින් අනතුරුව රෝගියා වාට්ටුවට ඇතුළත් කළේ සිහිය එන තුරු ජීවිතය ගැන කිසිවක් පැවසීම අසීරු බව පවසමින් ය.සේවකයන් වෙත කිට්ටු වුන කාටත් මිත්‍රශීලි කපිල, රෝගියා ගැන කරුණු විමසන්නට විය. සඟයන් ට අනුව ඔහු අවිවාහක පුද්ගලයෙකි.

තම වයස්ගත මව බලාගැනීම වෙනුවෙන් ඔහු රැකියාවට පැමිණි බවත් හෙලි විය. කපිලට දැඩි කම්පාවක් දැනෙන්නට වුනේ තම පුතුට කුමක් සිදු වුනාදැ’යි වයස්ගත මව නොදන්න බව සිහිපත් වීය.ඇය ඔහු හවසට නිවසට එන තුරු බලා සිටිනු ඇත.ඔහුට කුමක් හෝ සිදුවුනොත් වයස්ගත මව තනි වෙනු ඇත.

කපිලගේ කාරුණික සිතට එය දැඩිව බලපාන්නට විය. ඒ නිසාම කපිල තමන්ගේ වැඩ රාජකාරි අතරතුර රෝගියා ගැන නිතර විමසිලිමත් විය. කපිලගේ සිත තුළ නිතරම එක් ප්‍රාර්ථනාවකි ඒ ඔහුගේ ඉක්මන් සුවය ය. ඔහුගේ ප්‍රාර්ථනාව මල්ඵල ගනිමින් උදෑසන වන විට ඔහුට සිහිය ලැබුණි. වෛද්‍යවරුන්ගේ අදහස වුනේ ඔහු සුවපත් වෙනු ඇතැ’යි කියා ය. තවත් දවසකට පසු ඔහු වචනයක් දෙකක් කතා කරන්නට විය.

‘අම්මා’ ඔහුගේ එකම වදනයි. තනිව නැගිටින්නට වාරු නැති ඔහු ට උපස්ථාන කරන්නට කිසිවෙක් නැත. ඒ නිසා කපිල ඔහුගෙ සියලු කටයුතු වෙනුවෙන් අත්වැට විය.සතියක් පමණ යන විට හිසේ තුවාලය සුව නොවුනත් ඇඳෙන් තනිව නැගී සිටීමට තරම් ශක්තියක් ඔහු ලබා සිටියා.

එදින මොර සූරන වැස්ස ය.කපිලගේ සේවා මුරය රාත්‍රි 8 ට ආරම්භ වීම ට නියමිතය. වැස්සත් නිසා ඔහු රෝහලට එන විට රාත්‍රි 9 පමණය. මෝටර්සයිකලය අයිනක දැමු කපිල පිටුපස කොරිඩෝව ට ගොඩ වෙද්දි නකුටු බල්ලෙක් ගුලි වී නිදා සිටිනු ඇරෙන්නට කාත් කවුරුත් නොමැතිව මහත් පාළු බවක් ඒ අවට උසුලන්නට විය.

නිතර හුරු-පුරුදු තැන නිසා කපිලට එතරම් බියක් ගෙන දුන්නේ නැත. කොරිඩෝවෙන් ඉහළට නැගි කපිල ජනේලය අසළ සිටි පුද්ගලයාව ද පසු කර මදක් දුර යන්නට විය.


“කපිල මහත්තයා”
ජනේලය අසළ සිටි තැනැත්තා ඔහුට ඇමතු නිසා කපිල හැරී පුද්ගලයා දෙස බැලී ය. ජනේලයෙන් පිටත බලා සිටියේ වෙන කවුරුත් නොවේ කපිල ඇප-උපස්ථාන කළ රෝගියා ය.

කපිලට ඇති වුනේ ඉමහත් සතුටකි.ඔහුට දැන් සම්පූර්ණ සුවය ලැබී ඇති සේ දිස් වෙයි.


” ඔයාද මෙතන හිටියේ මට අඳුරගන්නත් බැරි උනා නේ. දැන් හොදටම හොදයි වගේ.ඉක්මනට ගෙදර යන්නත් පුළුවන් වෙයි ඔයාට”


“කපිල මහත්තයට බොහොම පින් මං වෙනුවෙන් කරපු හැමදේටම. ඒත් මං වෙනුවෙන් තව එක උදවුවක් කරන්න පුළුවන් ද මහත්තය ට?”


” ඒ මොකද්ද ඒ”


“මගේ අම්මව බලාගන්න පුළුවන් ද මහත්තය ට”


මදක් සිනා පහළ වුනු කපිල,
” දැන් ඉතින් ඔයාට ගෙදර යන්න පුළුවන්නේ, ඔයාටම අම්මව බලාගන්න පුළුවන් නේ?”
“හදිස්සියෙ හරි මට යන්න බැරි වුනොත් එතකොට පුළුවන් ද මගේ අම්මව බලාගන්න”
රෝහලට පැමිණෙන බොහෝ දෙනෙක් තුළ තමන්ට නැවත නිවසට යෑමට නොහැකි වේ යැ’යි සිතීම සාමාන්‍ය දෙයක් බව දන්නා කපිල අවස්ථාවෙන් පැන යන්නට,
“හරි එහෙම වුනොත්, මං අම්මව බලාගන්නම්කො”


“බොහොම පින් මහත්තයට” එලෙස පැවසූ ඔහු පියගැටපෙළ පඩියක වාඩි විය.
“මං ටිකක් තනියම ඉඳලා එන්නම්, මහත්තයා යන්න”


කවුරුන් හෝ දැක්කොත් අවේලාවේ ඇවිදිනවා කියා බැනුම් අසා ම එන්නට සිදු වන බව දන්නා කපිල ඔහුට නිදහසේ ඉන්නට ඉඩ දී වාට්ටුව තුළ ට ආවේ ය. පැමිණීම සටන් කර කපිල කොස්සත් ගෙන වාට්ටුව පිරිසිදු කරන්නට විය.

තමන් උපස්ථාන කළ රෝගියාගේ ඇදේ යම් වෙනසක් සිදු වී ඇත. මදක් ඕනෑකමින් බලන විට එහි සිටින්නේ වෙනත් රෝගියෙකි. වහා නර්ස් කෙනෙක් වෙත ගිය කපිල ඇසුවේ එතන සිටි රෝගියා කොහිදැ’යි කියා ය.


“ආ.. කපිල හිටියේ නෑනේ. එයාට අද දවල් ගොඩක් අමාරු වෙලා නැති වුනා.”
නර්ස් ගේ වදන් කපිලට අදහාගත නොහැකි විය.ඔහු දවල් මිය ගියා නම් දැන් ටිකකට කලින් ඔහු සමඟ කතා කළේ කවුද? කපිල පියගැට පෙළ අසළට ගොස් විපරම් කරත් එහි කවුරුත් පෙනෙන්නට සිටියේ ද නැත.

සියල්ල අතර කපිලට මතක් වූයේ තමන් වූ පොරොන්දුවය.ඔහු යලිත් ආවේ අම්මා වෙනුවෙන්ම ද ?
කපිල නිරුත්තරවම යලි වාට්ටුව දෙසට පි‍ය මැන්නේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40