බැංකු නිලධාරියාගේ බැංකු ගිණුම සුද්ද කළ මෙහෙකාරිය දියණිය සමඟ පොලිස් දැලේ

අසනීපව රෝහල් ගත වූ විශ්‍රාමික බැංකු නිලධාරියෙකුගේ බැංකු කාඩ් පතෙන් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින් වර හොර රහසේ ලබාගත් නිවසේ මෙහෙකාරිය සහ තවත් දෙනෙක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහෙකාරිය සමඟ අත්අඩංගුවට පත්වූවන් අතර ඇයගේ දියණිය සහ බෑණා ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

බැංකු නිලධාරියාගේ නිවසේ වසර 11ක කාලයක් සේවය කළ මෙහෙකාර කාන්තාවට අදාළ නිලධාරියා විසින් ඔහු රෝහල් ගතව සිටින අවස්ථාවන් වලදී මුදල් ලබා ගැනීම සඳහා ඔහුගේ බැංකු කාඩ් පත සහ එහි රහස් අංකය ලබා දී තිබෙනවා.

එහිදී සැකකාර කාන්තාව අවස්ථාවන් කිහිපයක දී හොර රහසේ එම කාඩ්පත යොදාගෙන රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බවයි බැංකු නිලධාරියා අනාවරණය කරගෙන ඇත්තේ.

අනතුරුව ඔහු පොලිසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර, එහිදී ඔහු සඳහන්කර ඇත්තේ තමන්ගේ බැංකු ගිණුමේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් තිබූ බවයි.

එම මුදලින් තම දරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 50 බැඟින් ලබාදී ඉතිරි මුදල් තවදුරටත් බැංකු ගතකර තිබූ බවත් ඔහු සිදුකළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

අදාළ පැමිණිල්ල අනුව විමර්ශන පැවැත්වීමේ දී සැකකාරිය බැංකු නිලධාරියාගේ බැංකු කාඩ් පතෙන් මුදල් ලබාගන්නා අයුරු ATM යන්ත්‍රවල සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකාරිය මාස හයක පමණ කාලයක සිට මෙලෙස මුදල් සොරාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව අත්අඩංගුවට ගැනුණු සැකකාර මෙහෙකාරියගේ ප්‍රශ්න කිරීමේ දී එම බැංකු කාඩ්පත තම දියණියට සහ බෑණා අතට ද ලබාදුන් බවත් පවසා තිබෙනවා.

ඔවුන් එය භාවිත කරමින් රන් ආභරණ මිලදී ගැනීම සහ නිවසක් කුලියට ගැනීමට මුදල් ලබාගෙන ඇති බවත්, තම නිවස අලුත්වැඩියා කිරීම සඳහා මුදල් යොදාගත් බවත් ඊට අමතරව තවත් වියදම් රැසක් සඳහා ද මුදල් ලබාගත් බවත් ඇය පාපොච්චාරණය කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරු මොරටුව, එගොඩ උයන, මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?