බැංකු නිලධාරියාගේ බැංකු ගිණුම සුද්ද කළ මෙහෙකාරිය දියණිය සමඟ පොලිස් දැලේ

අසනීපව රෝහල් ගත වූ විශ්‍රාමික බැංකු නිලධාරියෙකුගේ බැංකු කාඩ් පතෙන් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින් වර හොර රහසේ ලබාගත් නිවසේ මෙහෙකාරිය සහ තවත් දෙනෙක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහෙකාරිය සමඟ අත්අඩංගුවට පත්වූවන් අතර ඇයගේ දියණිය සහ බෑණා ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

බැංකු නිලධාරියාගේ නිවසේ වසර 11ක කාලයක් සේවය කළ මෙහෙකාර කාන්තාවට අදාළ නිලධාරියා විසින් ඔහු රෝහල් ගතව සිටින අවස්ථාවන් වලදී මුදල් ලබා ගැනීම සඳහා ඔහුගේ බැංකු කාඩ් පත සහ එහි රහස් අංකය ලබා දී තිබෙනවා.

එහිදී සැකකාර කාන්තාව අවස්ථාවන් කිහිපයක දී හොර රහසේ එම කාඩ්පත යොදාගෙන රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බවයි බැංකු නිලධාරියා අනාවරණය කරගෙන ඇත්තේ.

අනතුරුව ඔහු පොලිසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර, එහිදී ඔහු සඳහන්කර ඇත්තේ තමන්ගේ බැංකු ගිණුමේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් තිබූ බවයි.

එම මුදලින් තම දරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 50 බැඟින් ලබාදී ඉතිරි මුදල් තවදුරටත් බැංකු ගතකර තිබූ බවත් ඔහු සිදුකළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

අදාළ පැමිණිල්ල අනුව විමර්ශන පැවැත්වීමේ දී සැකකාරිය බැංකු නිලධාරියාගේ බැංකු කාඩ් පතෙන් මුදල් ලබාගන්නා අයුරු ATM යන්ත්‍රවල සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකාරිය මාස හයක පමණ කාලයක සිට මෙලෙස මුදල් සොරාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව අත්අඩංගුවට ගැනුණු සැකකාර මෙහෙකාරියගේ ප්‍රශ්න කිරීමේ දී එම බැංකු කාඩ්පත තම දියණියට සහ බෑණා අතට ද ලබාදුන් බවත් පවසා තිබෙනවා.

ඔවුන් එය භාවිත කරමින් රන් ආභරණ මිලදී ගැනීම සහ නිවසක් කුලියට ගැනීමට මුදල් ලබාගෙන ඇති බවත්, තම නිවස අලුත්වැඩියා කිරීම සඳහා මුදල් යොදාගත් බවත් ඊට අමතරව තවත් වියදම් රැසක් සඳහා ද මුදල් ලබාගත් බවත් ඇය පාපොච්චාරණය කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරු මොරටුව, එගොඩ උයන, මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55