බාල ඖෂධ ගෙන්වූ සිද්ධියට එවක සිටි කැබිනට් අමාත්‍යවරු 18 දෙනාගෙන් ම ප්‍රකාශ ගන්න – අධිකරණය

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනා⁣ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට අදාළ බෙහෙත් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් එම කැබිනට් මණ්ඩලයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ , හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු අමාත්‍යවරු වන ටිරාන් අලස්, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ , හරින් ප්‍රනාන්දු , රොශාන් රණසිංහ, නිමල් සිරිපාල ඇතුළු කැබිනට් මණ්ඩලයේ 18⁣ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය මාලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි.

ඊට අවසර දෙමින් මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළා.

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පළමු වැනි සැකකරු වන බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාව නිකුත් කළ මානසික වෛද්‍ය සී.ටී.කේ ප්‍රනාන්දු අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව වෛද්‍යවරයාගේ සීමාව ඉක්මවා ඉදිරිපත් කළ වාර්තාවක් බවත් ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ඉදිරියේ දී කරනවා ද නැත්ද යන්න සම්බන්ධයෙන් ඊළඟ දිනයේ දී තීරණය කරන බව ද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළා.

පසුගිය නඩු විභායේ දී අංගොඩ මානසික රෝග විද්‍යාතනයේ අධිකරණය ලබා දුන් වෛද්‍ය වාර්තාව අධිකරණ සේපුවෙ තැන්පත් කළ අතර අද (11) නඩුව කැඳවු අවස්ථාවේ දී පළමු සැකකරුගේ නීතිඥවරයාගේ ඉල්ලීම පරිදි එය කියවා බැලීමට අධිකරණය අවසර ලබා දුන්නා.

එහීදි නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සම්බන්ධයෙන් සැකකරුගේ වචනයෙන්ම සඳහන් වන ඡේද දෙකක් ඇතුළත් කර ඇති බවත් ⁣වෛද්‍යවරයකු ඉදිරිපත් කරන වෛද්‍ය වාර්තාවක එැවැන්නක් ඇතුළත් වීම ප්‍රශ්නගත බව ද එහිදී මහෙස්ත්‍රාත්වරිය අවධාරණය කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි නොමැතිව කරන චෝදනා සම්බන්ධයෙන් තම අධිකරණයට විමර්ශන සිදු කිරීමට හැකියාවක් නොමැති බව ද එහිදි මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම තනතුර දැරිමට නුසුදුසු බවත්, ඇය තමන්⁣ගේ ඇප ලබා ගැනීමට ඇති අයිතිය පුද්ගලික පළිගැනීමේ චේතනාවෙන් අහුරා ඇති බවත් පළමු සැකකරු චෝදනා කර සිටියා.

එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ ගිය වසරේ නොවැම්බර් 15 දින නීතිපතිවරයා විසින් තමන්ව පත් කළ බවත් ඒ සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් නීනීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් තිරණය කරනු ඇති බවයි.

එහිදි මහෙස්ත්‍රාත්වරිය අවධාරණය ක⁣ළේ ඒ සම්බන්ධයෙන් වන තීරණය නීතිපතිවරයා විසින් ගනු ඇති බවත්;
ලබන නොවැම්බර් 25 දක්වා පළමු සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මෙහිදී නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58