බාලිකා පාසලක සිසුවියක් ඉහළ මහලින් පනියි

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් එම විදුහලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් පහලට පැනීම හේතුවෙන් තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මෙම ශිෂ්‍යාව ඊයේ (09) පෙරවරු 11.30 ට පමණ පාසැල් පංති කමරයෙන් පිටතට පැමිණ අඩි 15 ක පමණ උසක සිට බිමට පැන තිබෙන බව පොලිසිය පවසයි.

පාසලේ ශිෂ්‍ය නායිකාවකද වන එම සිසුවිය කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ සිසුවිය මහනුවර ජාතික රෝහලේ දී සී.ටී ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

අඩි 15 පමණ උසක සිට පහළට ඇද වැටීම නිසා සිසුවියගේ හිසට හෝ අභ්‍යන්තර අවයව වලට හානි සිදුව ඇත්ද යන්න සෙවීම සඳහා අදාළ  සි.ටී ස්කෑන් පරීක්ෂාව සිදු කළ බවත් එහි වාර්තාව ලැබුණු පසු ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍යවරයකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
16
+1
33
+1
16
+1
31
+1
7
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21