බාලවයස්කාර දැරිවියක් සමග අඹු – සැමි සබඳතා පැවැත්වූ තරුණයෙකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරිවියක් සමග අඹු – සැමි සබඳතා පැවැත්වූ කියන 20 හැවිරිදි තරුණයෙකුව කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර තරුණයා විසින් වයස අවුරුදු 15කුත් මාස 08ක් වියැති පාසල් සිසුවියක් සමග සබඳතා පවත්වා ඇති අතර; ඔහු විසින් ඇයව ලිංගික අතවරයට පත් කර ඇති බවට දැරියගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුවයි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර තරුණයා කල්පිටිය – කන්දකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වින්දිතකාරිණිය එම ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් බව ද හෙළි ව තිබෙනවා.

ඇය ව පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කෙරුණු පසු ලද වාර්තාවට අනුව සඳහන් කර ඇත්තේ ඇයව අදාළ සැකකාර තරුණයා විසින් ලිංගික අතවරයට ලක් කර ඇති බවටයි.

එම වෛද්‍ය වාර්තාව අනුව පොලිසිය වින්දිත පාර්ශ්වය කැඳවා යළි ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් තමන් සැකකාර තරුණයා සමග ප්‍රේම සබඳතාවක් තිබූ බවත්; පසුගිය වසරේ ජූනි මාසයේ දී පළමු වරට ඇය ඔහු සමග අඹු – සැමි සබඳතා ආරම්භ කළ බව ද පවසා තිබෙනවා.

ඉන් අනතුරුව ද ඔහු සමග ඔහුගේ නිවසේ දී වරින්වර අඹු – සැමි ඇසුරක් පවත්වමින් කටයුතු කළ බවයි වින්දිත පාර්ශ්වය පොලිසියට ලබාදුන් කට උත්තරයේ සටහන් වන බවට අප ප්‍රාදේශීය වාර්තාකරු කියා ඇත්තේ.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?