බ්‍රිතාන්‍ය කාන්තාවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන කෙලිග් ෆ්‍රේසර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවක් ද ගෙවන ලෙසටයි ඇයට නියෝග කර ඇත්තේ.

එස්. තුරයි රාජා, අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා අවලංගු කිරීමට ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසට ඉල්ලමිනුයි ඇය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණේ.

මෙම පෙත්සම මීට පෙර සලකා බැලූ අවස්ථාවේදී එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතා වලින් සඳහන් කර තිබුණේ මෙම පෙත්සම තුළින් කරුණු වසන් කිරීම මෙන්ම අධිකරණය නොමග යවන තොරතුරු පෙත්සම්කාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම ඇය විසින් අධිකරණය හමුවේ පිළිගත හැකි විධිමත් දිවුරුම් ප්‍රකාශ හා ලේඛන ඉදිරිපත් කර නොමැති බවත් එම මූලික විරෝධතා වලින් සඳහන් කර තිබුණා.

මෙම නඩුකරයට පාදක වන කරුණ විධායක සහ පරිපාලන ක්‍රියාවකට අදාළ නොවන බවත් අධිකරණය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව පෙනී යන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සිය මූලික විරෝධතාවලින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති හෙයින් මුල් අවස්ථාවේදීම එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණා

එම කරුණු දීර්ඝ ලෙස අධ්‍යයනය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා අධිකරණය විසින් පිළිගන්නා බවයි.

ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් එය රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුවෙන් සඳහන් කර සිටියා

එම නඩු ගාස්තු කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළා.

පෙත්සම්කාරිය කියාසිටින්නේ තමන්ට ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව රැඳී සිටීම සඳහා ආගමන සහ විගමන පාලකවරයා විසින් නේවාසික වීසා නිකුත් කර තිබූ බවයි.

එසේ තිබියදී තමා පසුගිය අරගල සමයේ අරගලය වලට සහභාගී වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළවීමෙන් පසුව කිසිදු හේතුවක් නොදන්වා ඉකුත් වසරේ අගෝස්තු මස 10 වනදා ආගමන හා විගමන පාලකවරයා විසින් සිය විසා අවලංගු කළ බවත් පෙත්සම්කාරිය පෙන්වා දෙනවා.

ඉන් පසුව අගෝස්තු මස 15 වැනිදාට පෙර රටින් පිටවන ලෙසට ආගමන හා විගමන පාලකවරයා විසින් උපදෙස් නිකුත් කෙරුණු බවත් ඇය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුණා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දියක් වගඋත්තරකරුවන්ගේ අයකර ගැනීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22