හිරු නොබසින රාජධානිය ලෙස ආඩම්බර වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් තම පවුලෙන් ලබාගත් ණය මුදලක් ඉන්දීය ජාතිකයෙකු විසින් යළි ඉල්ලා සිටින පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වසර 109 කට පමණ පෙර එනම් 1917 වසරේ දී, අධිරාජ්‍ය පරිපාලනය දුර්වල වූ විට, බ්‍රිතාන්‍ය රජය විසින් එවකට ඉන්දියාව තුළ බලගතුම ව්‍යාපාරිකයෙකු වූ සෙත් ජුම්මාලාල් රුතියියාගෙන් රුපියල් 35,000ක ණය මුදලක් ලබාගෙන ඇති බව වාර්තා වනවා.
එම යුගයේ ප්‍රමිතීන්ට අනුව අදාළ මුදල අති විශාල වූ අතර, රුතියියා පවුලට අනුව එම ණය මුදල් කිසි විටෙකත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ආපසු ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට සියවසකට වැඩි කාලයකට ගතව ඇති පසුබිමක, සෙත් ජුම්මාලාල්ගේ මුණුබුරා වන විවේක් රූතිය පවසන්නේ, “ඓතිහාසික සහ නොගෙවූ ස්වෛරී ණයක්” ලෙස හඳුන්වන දෙය අයකර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජයට නීතිමය දැන්වීමක් යැවීමට සූදානම් වන බවයි.
විවේක් රූතිය කියා සිටින්නේ තම පියාගේ මරණයෙන් පසු පැරණි වාර්තා අතර සහතික සහ ලිපි හුවමාරුව මෙන්ම පවුලේ කැමැති පත්‍රයක් ඇතුළු ලේඛනමය සාක්ෂි මෑතකදී තමන්ට හමු වූ බවයි.
ඒ අනුව 1917 දී, ඔහුගේ සීයා වන සෙත් ජුම්මාලාල් රුතියියා, බ්‍රිතාන්‍ය රජයට රුපියල් 35,000ක් ණයට ලබා දී ඇති බවත්, එම ණය ලබාගත් බවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ලබාදුන් ලිපි ලේඛනවල, රාජ්‍යයේ පරිපාලන කළමනාකරණය විධිමත් කිරීම සඳහා මෙම ණය ලබා ගත් බවත් එය යුද ණයක් ලෙස නම් කර ඇති බවයි.
ණය ලබාදී වසර 20 කට ආසන්න කාලයකට පසු සීයා මියගොස් ඇති බවත්, දක්වාත් බ්‍රිතාන්‍ය රජය අදාළ නය මුදල ලබා දී නොමැති බවයි.
1917 දී රුපියල් 35,000 ක අගය නූතන ප්‍රමිතීන්ට අනුව සුළු ලෙස පෙනෙන්නට තිබුණත්, එහි වර්තමාන වටිනාකම කෝටි ගණනක් වනු ඇති බවයි විවේක් රුතියියා තර්ක කරන්නේ.
ඒ අනුව අදාළ ණය මුදල වර්තමාන අනුපාතයට සංසන්දනය කර යළි එය බ්‍රිතාන්‍ය රජයේ අයකර ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.













