බ්‍රිතාන්‍යයේ අගමැති හදිසි රැස්වීමක් කැඳවයි – මොහොතින් මොහොත එරට උණුසුම්

බ්‍රිතාන්‍යය පුරා පැතිර යන කෝලාහල සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අද (05) පෙරවරුවේ බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer විසින් විශේෂ රැස්වීමක් කැඳවනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම හදිසි රැස්වීම එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වෙනවා.

සංක්‍රමණික ජන කොටස්වලට එරෙහි ව සති අන්තයේ එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකර ගත් 150 දෙනෙක් පමණ අත්අඩංගුවට පත් වුණා.

මීට දින කිහිපයකට ඉහත දී 17 හැවිරිදි තරුණයෙකු විසින් පිහියකින් ඇන කුඩා ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කර තිබූ අතර එම සිද්ධියෙන් අනතුරුවයි එරට තුළ දැඩි මුස්ලිම් විරෝධයක් මතුවෙමින් ඇත්තේ.

විරෝධතාකරුවන් විසින් සරණාගතයින් පිරිසක් රඳවා සිටින රොතර්හැම් හි හෝටලයකට ද මෙම සිදුවීමෙන් පසුව ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

ටැම්වර්ත්, මිඩ්ල්ස්බ්‍රො, බෝල්ටන්, හල් සහ වේමවුත් යන ප්‍රදේශවල ද කෝලාහල ඇති වූ බවයි CNN පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21