බ්‍රිතාන්‍යයට නව අගමැති මුහුණක් – ලාංකිකයින් 12කුත් මෙවර මැතිවරණයේ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය වසර 14කට පසු විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වන විට ඡන්ද ගණන් කිරීම අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර දැනටමත් කම්කරු පක්ෂය නිල වශයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව වාර්තා පළවන්නේ කෙයර් ස්ටාමර්ගේ මධ්‍ය-වාම පක්ෂයට අතිවිශාල බහුතරයක් ලබාගනිමින් අගමැති ධුරය ලබාගැනීමට හැකියාව පවතිනවා.

ඒ වත්මන් අගමැති රිෂී සුනක් නියෝජනය කළ කන්සර්වේටිව්වරුන්ගේ දක්ෂිනාංශික ආණ්ඩුව පරාජයට පත් කරමින්.

“අපි ඒක කළා,” කෙයර් ස්ටාර්මර් ලන්ඩනයේ ටේට් මොඩර්න් කෞතුකාගාරයේ දී ආධාරකරුවන්ට ප්‍රකාශ කළා.

අද (05) අලුයම වනවිට කම්කරු පක්ෂය ආසන 650 න් 326 ක් දිනා ගෙන තිබුණා.

ඒ අනුව 2015 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිවිසි හිටපු ප්‍රධාන මානව හිමිකම් නීතිවේදියෙකු වන කෙයර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අගමැති බවට පත්වනු ඇති.

ඔහු මේ වනවිට 61 හැවිරිදි වියේ පසුවනවා.

2020 වසරේදී ජෙරමි කෝබින්ගෙන් පසු ඔහු පක්ෂ නායකත්වයට පත් කෙරුණා.

කෙයිර් ස්ටාමර්, බ්‍රිතාන්‍ය රාජකීය විමර්ශන සේවයේ ප්‍රධානියා සහ මහජන විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ධූරය ද දරා තිබෙන බව සඳහන්.

අග්‍රාමාත්‍ය රිෂී සුනක්ට විපක්ෂ නායක ධුරය හිමිවනු ඇති.

බ්‍රිතාන්‍යයේ දේශපාලන ධුර කාල සීමාව වසර පහක් වන අතර, 2019 වසරේ දෙසැම්බර් මාසයේ අවසන් වරට පැවති මහ මැතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂය ජයගනු ලැබුවා.

මේ අතර වත්මන් අගමැති රිෂි සුනක්, සිය වසකට වැඩි කාලයක් තුළ කන්සර්වේටිව් පක්ෂය ඔවුන්ගේ නරකම ඡන්ද ප්‍රතිඵලය කරා රැගෙන ගිය නායකයා බවට පත්ව තිබෙනවා.

බ්‍රිතාන්‍යය ඡන්ද ගණන් කිරීමේ දිගු රාත්‍රියක් පහන් කරමින් ඇති අතර, මේ වන විටත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි ඉඟියක් ලැබී තිබෙනවා.

මේ අතර මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සඳහා විවිධ පක්ෂ නියෝජනය කරමින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයින් 12 දෙනෙක් ඉදිරිපත්ව සිටින බව එරට වෙසෙන ශ්‍රී ලාංකික මාධ්‍යවේදියකු වන ජනක අලහප්පෙරුම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10