බ්‍රික්ස් යාන්ත්‍රණය තුළ කිසිදු රටකට එරෙහිවීමක් නොමැති බව චීනය කියයි

බ්‍රික්ස් යාන්ත්‍රණය තුළ කිසිදු රටකට එරෙහිවීමක් නොමැති අතර, විවෘතභාවය, සහභාගීත්වය, සහයෝගිතාවයෙන් පොදු-ජයග්‍රාහී දිශාව වෙත අවධානය යොමු කිරීම පමණක් සිදුකරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

එහි ප්‍රකාශිකා මාඕ නිං, මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රික්ස් රටවල් ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තීන් ක්‍රියාවට නංවන බවට පසුගියදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කළ අතර, ඒ සමග ම, බ්‍රික්ස් රටවලට එරෙහිව 10%ක නව තීරුබදු පනවන බවට ද ඔහු තර්ජනය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං අවධාරණය කර සිටියේ බ්‍රික්ස් යාන්ත්‍රණය, නැගී එන නව්‍ය වෙළඳපොළ සහිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා සහයෝගිතා පැවැත්වීමට වැදගත් වේදිකාවක් වනවා මිස එහි කිසිදු රටකට එරෙහි වීමක් නොමැති බවයි.

වෙළඳ ආරවුල් හා තීරුබදු ගැටුම් අතරින් ජයග්‍රාහකයකු නොවන අතර, ආරක්ෂණවාදය ද සාර්ථක නොවන බවයි ඇය මෙහිදී පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?