බහුදින යාත්‍රාවක ගිය ධීවරයෙකු මියයයි

බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයෙකු හදිසියේ මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

දික්ඕවිට ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පසුගිය පෙබරවාරි මස 3 වනදා පිටත්ව ගිය යාත්‍රාවක සිටි අයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

ඔහු කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

තවත් 5 දෙනෙකු සමග බහුදින ධීවර යාත්‍රාවකින් මෙම පුද්ගලයා මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් ඇති අතර ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් යාත්‍රාව නැවත හරවාගෙන එමින් සිටියදී පසුගිය 16 වනදා දහවල් කාලයේදී මියගොස් තිබෙනවා.

ධීවර වරාය වෙත මෘත ශරීරය රැගෙන ඒමෙන් පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රාගම ශික්ෂණ රෝහලට යොමු කර තිබෙනවා.

වත්තල පොලිසියයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10