බහින් බස්වීමක් දුර ගිහින් සැමියා තරුණ බිරිඳව ඝාතනය කරලා

සැමියා විසින් තම බිරිඳට පහර දී ඝාතනය කළ පුවතක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමකින් පසු ඊයේ (08) රාත්‍රියේ සැමියා විසින් මෙම අපරාධය සිදුකර තිබෙනවා.

පහර කෑමට ලක්වූ කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල, තඹරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21ක එක්දරු මවක්.

අපරාධය සිදුකළ 29 හැවිරිදි සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

ඝාතනය ලක් වූ බිරිඳ සහ සැකකාර සැමියා වයික්කාල ප්‍රදේශයේ පවත්වා ගෙන යන උළු කර්මාන්ත ශාලාවක සේවය
කරමින් ඒ ආසන්නයේ ම ඇති නිවසක පදිංචිව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
0
+1
2
+1
12
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?