බස් වර්ජනය අවසන්

මාර්ග කිහිපයක බස් රථ සේවකයන් දින දෙකක් පුරා ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය බස් රථ, මාර්ග අංක 188 රද්දොළුගම – කොටුව සහ මාර්ග අංක 240/3 කටුනායක – මීගමුව සාමාන්‍ය සේවා බස් රථ සිය වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගය අද අලුයම සිට අවසන් කර ඇති බවයි.

ඊයේ දින බත්තරමුල්ල මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ “රන්මගපාය” හි පැවති සාකච්ඡාවක දී ඇති වූ එකඟතා මතයි මෙම වර්ජනය අවසන් කර ඇත්තේ.

එහිදී මාර්ග ධාවන කළමනාකාරවරයා එම සේවා ස්ථානයෙන් ඉදිරි සති කීපය තුළ දී ඉවත් කිරීමටත් අතුරු ගමන් වාර අත් හිටුවීමත් එකඟතා ඇති වී තිබෙනවා.

මෙම සාකච්ඡාවට මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ගම්පහ දිස්ත්‍රික් සහ කොළඹ දිස්ත්‍රික් කළමනාකාරවරුන් සහ ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

මෙම බස් රථ වර්ජනය පසුගිය පළමුවනදා උදෑසන ආරම්භ වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08