spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් වර්ජනය අවසන්

මාර්ග කිහිපයක බස් රථ සේවකයන් දින දෙකක් පුරා ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය බස් රථ, මාර්ග අංක 188 රද්දොළුගම – කොටුව සහ මාර්ග අංක 240/3 කටුනායක – මීගමුව සාමාන්‍ය සේවා බස් රථ සිය වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගය අද අලුයම සිට අවසන් කර ඇති බවයි.

ඊයේ දින බත්තරමුල්ල මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ “රන්මගපාය” හි පැවති සාකච්ඡාවක දී ඇති වූ එකඟතා මතයි මෙම වර්ජනය අවසන් කර ඇත්තේ.

එහිදී මාර්ග ධාවන කළමනාකාරවරයා එම සේවා ස්ථානයෙන් ඉදිරි සති කීපය තුළ දී ඉවත් කිරීමටත් අතුරු ගමන් වාර අත් හිටුවීමත් එකඟතා ඇති වී තිබෙනවා.

මෙම සාකච්ඡාවට මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ගම්පහ දිස්ත්‍රික් සහ කොළඹ දිස්ත්‍රික් කළමනාකාරවරුන් සහ ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

මෙම බස් රථ වර්ජනය පසුගිය පළමුවනදා උදෑසන ආරම්භ වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?