AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයක් පෙරළී 27 දෙනෙක් රෝහලේ

රත්නපුර – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (29) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථය ඇඹිලිපිටිය සිට කොළඹ දක්වා ධාවනය කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථය බස් රථයේ ගැව්ටීම වැළැක්වීමට බස් රියදුරු උත්සාහ ගත් අවස්ථාවේදී මාර්ගයෙන් ඉවතට පෙරළී ඇති බවයි.

අනතුරෙන් 27 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?