බස් ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් හෙට (14) රාත්‍රියේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම් නියෝජිතයින් සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා පැවසුවේ බස් ගාස්තු සංශෝධනය පිළිබඳ හෙට කැබිනට් මණ්ඩලයටද කරුණු ඉදිරිපත් කර තීන්දුව ප්‍රකාශයට පත්කරන බවය.

ලංකා අයි.ඕ.සී. සමාගම හා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් වාර්තාගත අගයකින් ඉහළදැමීම සිය කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි බස් රථ හිමියන්ගේ සංගම් පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ සිය කර්මාන්තය පවත්වාගෙන යාමට රජය ඉන්ධන සහනාධාරයක් ලබානොදෙන්නේ නම් බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට සිදුවන බවය.

ඒ අනුව පෞද්ගලික බස් රථ හිමියන් මුහුණදී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ බස් රථ හිමියන්ගේ සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී අද පැවැත්වුණි.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

“ප්‍රායෝගිකව ඉන්ධන සහනාධාරයක් ලබාදීම ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වක තියෙනවා කියන එක තමයි අපේ සාකච්ඡාවේ සහ බස් හිමියනුත් දරණ මතය වෙන්නේ. ඉතින් ඒ අනුව අපි යම් සංශෝධයක් පිළිබඳව සකච්ඡා කෙරුවා. හෙට දිනයේ අපි කැබිනට් මණ්ඩලයටත් අපි ඉදිරිපත් කරලා. බොහෝ දුරට ගාස්තු සංශෝධනයක් හෙට රාත්‍රියේ. මෙවැනි විශාල මිලකින් බලාපොරොත්තු නොවූ ඩීසල් මිල වැඩිවීමක් රු 55කින් වැඩිවුණා. එතකොට මේ ගාස්තුවට බස් ධාවනය කරන්න බැහැ. බොහෝවිට සංශෝධිත මිල ගණන් හෙට. ජනතාවට බරක් වෙන බව අපි දන්නවා”

ප්‍රශ්නය – ඒ කියන්නේ ඇමතිතුමා දැන් කීයකින්ද අවම ගාස්තුව වැඩිවෙන්නේ ?

ප්‍රවාහන ඇමති – “අවම ගාස්තුව රු.2 කින් වගේ වැඩිවෙයි”

ප්‍රශ්නය – රු.17 නේ දැන් තියෙන අවම ගාස්තුව එහෙම වුණොත් ඒක රු.19 වෙන එකද වෙන්නේ?

ප්‍රවාහන ඇමති  – “රු.19 හෝ රු.20 වෙන්න පුළුවන්. දුර ගමන්වලට අපි ඔය කියන රුපියල් 02කට වැඩිය ටිකක් අඩුවෙන්… ඔය කියන ගානට ගියොත් අවසාන ගාස්තුව විශාල එකක් වෙනවා. අවම ගාස්සතුව සංශෝධනය කරනවා.”

කෙසේ වෙතත් අද පැවති සාකච්ඡාවේදී එළඹි තීරණවලින් බස් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියට පෙර සිය ගැටලු විසඳීමට පියවර නොගන්නේනම් අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ වෘත්තිකයන්ගේ පොදුජන සේවක සංගමය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10