රුපියල් හැටහය ලක්ෂ අසූ දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (12) දින පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් ඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර, වැලිගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
මෙම පුද්ගලයා ඊයේ (12) පස්වරු 04.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 668ක ප්‍රමාණය ගුලි 03ක් ලෙස සකස් කර ඒවා සෙලෝටේප්හොවලින් දින් අලවා ඔහු විසින් ඇද ගෙන සිටි කළිසමෙහි පැති සාක්කු දෙකෙහි සඟවා ගෙන පැමිණ තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා සැකකාර ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.













