ආසියාවේ ක්‍රිකට් ශූරියන් තෝරන අවසන් මහා තරගය අද රාත්‍රියේ

කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කරන අවසන් මහා තරගය අද (13) රාත්‍රියේ ඩුබායි හිදී පැවැත් වෙනවා.

මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම් දෙකවන ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අවසන් මහා තරගය වෙනුවෙන් අද දිනයේ තරග බිමට පිවිසීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී පාකිස්ථාන කාන්තා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරග වෙනුවෙන් සුදුසුකම් ලැබූ අතර, ඉන්දීය කාන්තා කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මෙවර අවසන් මහා තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමේ දී දඟ පන්දු යැවීම තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

ඒ, සඳහා යොදා ගැනීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සතුවම ප්‍රමාණවත් සම්පත් ඇති අතර, මෙවර තරගාවලිය පුරා ඉන්දීය කණ්ඩායම කඩුලු 26ක් දවාගෙන ඇති අතර, ශ්‍රීලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ දී කඩුලු 25ක් දවාගෙන තිබෙනවා.

ඒ, අනුව අද පැවැත්වෙන අවසන් මහා තරගය පන්දු යැවීමේ දක්ෂතාව මත ජයග්‍රාහිකාවන් තීරණය වනු ඇති බවයි බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

මේ වනවිට වත්මන් ආසියානු ශූරියන්වන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු ශූරතාව තමන් සන්තකයේ තවදුරටත් තබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අද දිනයේ තරග බිමට පිවිසෙනු ඇති.

එමෙන්ම අවස්ථා හතකදී ආසියානු ශූරියන් බවට පත්ව ඇති ඉන්දීය කාන්තා කණ්ඩායම අටවන වරටත් ආසියානු කුසලානය තම මව්බිමට රැගෙන යාමේ බලාපොරොත්තුව ඇතිව අද රාත්‍රියේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28