බස්නාහිර පාසල් ගුරුවරුන්ගේ ටියුෂන් තහනම ඉවතට

බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම චක්‍රලේඛයට එල්ල වූ විරෝධතා සැළකිල්ලට ගෙන එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කළ බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ.

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා (20) පළාත් අධ්‍යාපන අමාත්‍යංශ මඟින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා.

මේ අතර මෙම තහනම පළමුව පැනවූ අතර, ඉන් අනතුරුව වම තහනම මධ්‍යම පළාත තුළ ද පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?