AFC Banner
Empty Ad
Empty Ad

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවය.

වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?