බලපත්‍ර නොමැතිව බීමතින් යතුරුපැදිය පැදවූ හිටපු මන්ත්‍රීට සිර දඬුවම්

බීමතින් යතුරු පැදියක් ධාවනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට මාස දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළ අතර සැකකරුට රුපියල් 75,000ක දඩයක් ද නියම කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

2018 වසරේ සිට වරින් වර අධිකරණය මඟ හැරීම හේතුවෙන් වරෙන්තු නිකුත් වී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට මෙලෙස දඬුවම් නියම වී තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ ගම්පොල උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පොල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ පොදුජන පෙරමුණේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුටයි.

2018 වසරේ සැප්තැම්බර් 25 වැනිදා රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකයක් නොමැතිව බීමතින් යතුරු පැදියක් පැදවීමේ චෝදනා මත ගම්පොළ පොලිසිය විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණා.

2018 වසරේදී විත්තිකරුට එරෙහිව නඩු පැවරූ විට ඔහු අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව පැවසීම හේතූවෙන් නඩු විභාගය ආරම්භ කර තිබුණා.

නඩු විභාගය අතරතුර විත්තිකරු අධිකරණයය මඟහැරීම හේතූවෙන් ඔහු අත්අඩංගුවට ගෙනන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අවස්ථා කිහිපයකදීම වරෙන්තු නිකුත් කළ අතර නඩු විභාගය වසර 05ක කාලයක් පුරා පැවැත්වීමට ද සිදුවූ බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී සමෘර්ධි නියාමකවරුන් සඳහා රජයෙන් ලබාදී තිබු මෙම යතුරුපැදිය සඳහා ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය මෙන්ම විත්තිකරුගේ රියදුරු බලපත්‍රයද නොමැතිව ඔහු බීමතින් යතුරු පැදිය පැදවා ඇති බව මෙන්ම විත්තිකරුට මේ දක්වාම රියදුරු බලපත්‍රයද නොමැති බවද අනාවරණය වී තිබෙනවා.

දීර්ඝ නඩු විභාගය අවසානයේදී අදාළ චෝදනාවන්ට විත්තිකරු වරදකරු බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අදාළ දඬුවම් නියම කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
3
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44