තංගල්ල ධීවර වාරයේ වෙසෙන සුනඛයින්ගේ අසාමාන්‍ය හැසිරීම් රටාවක් පෙරේදා (15) දිනයේ සිට පෙන්නු කළ බවට තොරතුරු වාර්තා වුණා.
එලෙස අසාමාන්‍ය හැසිරීම් රටාවක් පෙන්නුම් කළ සුනඛයින්ට ප්‍රතිකාර කිරීම අද (17) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා.
තංගල්ල පුද්ගලික පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් විසින් එම සුනඛයින්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කළ බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.
නාවික හමුදාව විසින් දකුණු මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක තොගයක් පසුගිය 14 වනදා තංගල්ල ධීවර වාරය වෙත රැගෙන එනු ලැබුවා.
එලෙස ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍යවල දියවී ගිය කොටස් එම සුනඛයින් පානය කිරීමෙන් අනතුරුව සුනඛයින් මෙම අසාමාන්‍ය තත්ත්වයට පත්වන්නට ඇති බවයි සැකපළ කරන්නේ.








