කොළඹ මැගසින් බන්ධනාගාරයේ නේවාසිකාගාරය අසල පිහිටි ළිඳකට වැටී සිටි එළදෙනක් බේරාගැනීමට කොළඹ ගිනි නිවන හමුදාවේ ජීවිතාරක්ෂක නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.
අද (07) පෙරවරුවේ ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ එම නිලධාරීන් මෙම සත්වයා ගලවා ගැනීමේ මෙහෙයුම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
අඩි 20ක් පමණ ගැඹුරු ළිඳක් තුළට වැටී සිටි මෙම එළදෙනව ළිඳෙන් ගොඩගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට ගිනි නිවන හමුදාවේ නිලධාරීන්ට සිදුවූ බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
1
+1
+1





